Wednesday, February 28, 2018

TM Dilshan


                                                   තිලකරත්න මුදියන්සේලාගේ ඩිල්ෂාන්

ශ්‍රී ලාංකීය ක්‍රිකට් ක්‍රීඩාව තුළ පමණක් නොව ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාව තුළද සියළුම රටවල් වල බොහෝ පැසසුමට ලක් වූ ඉතා විශිෂ්ට ක්‍රීඩකයෙකි...
ශ්‍රී ලාංකීය ක්‍රිකට් ක්‍රීඩාව ආගාධයට වැටී පැවති කාලයක සිටි හොඳම නායකයා ඔහුයි.තමන්ට හැකි උපරිම අයුරින් ක්‍රීඩාව වෙනුවෙන් කැප වූ මෙම ක්‍රීඩකයාට නොමදව ගැරහුම් ද බොහෝ සෙයින් ලැබිණි.
මොහු ජීවය ලබන්නේ 1976 ඔක්තෝබර් මස 14 වන දින කළුතර දිස්ත්‍රික්කයේයි...මොහු උපත ලබන්නෙ ටුවාන් මොහොමඩ් ඩිල්ෂාන් යන නම ඇතුවය...මොහුගේ පියා මැලේ ජාතිකයෙක් වන අතර මව සිංහල ජාතිකයෙකි...ඩිල්ෂාන් ඉස්ලාම් ආගමිකයෙකු වූ අතර අවුරුදු 16 පා තැබීමත් සමඟ ඔහු බෞද්ධ ආගමිකයෙකු ලෙස වෙනස් විය...ඉන් පසුව සියළුම දෙනා අතර මොහු තිලකරත්න ඩිල්ෂාන් යන නාමයත් සමඟ ජනප්‍රියත්වයට පත්විය...
~ක්‍රිකට් දිවිය~
Nickname - ඩිලි , මිස්ටර් පල්ලෙකැලේ , ඩිල්ස්කුප්
✡️ මොහු ක්‍රිකට් ලෝකයේ සිටි සුපිරිම පන්දු රකින්නෙක් වශයෙන් නම් දරා සිටියි...
✡️ එවකට එක්දින,විස්සයි විස්ස හා ටෙස්ට් යන සියල්ලේම සිටි මුළු ලෝකයකගේ කතා බහට ලක්වූ දුර්ලභම ක්‍රීඩකයෙකු ලෙස මොහු පිළිබඳව විචාරකයන් පවා පවසා ඇත...එයට හේතුව ලෙසින් ඔවුන් දක්වන්නේ ඩිල්ෂාන් තුන් ඉරියව් ක්‍රීඩකයෙක් වන අතරම කඩුළු රකින්නෙක්ද වීමේ විශේෂත්වයයි...
✡️ තවද මොහුගේ විශේෂත්වයක් ලෙස පැසසුමට ලක්වන්නේ ක්‍රිකට් තරඟයක යම්කිසි ලකුණු ප්‍රමාණයක් හඹා යාමේදී ඉහළම ලකුණු සාමාන්‍යයක් රඳවාගනිමින් ක්‍රීඩා කරනු ලබන ශ්‍රී ලාංකීය ක්‍රීඩකයා ලෙසයි...
✡️ ටෙස්ට්,එක්දින සහ විස්සයි විස්ස යන සියල්ලේම නායකයෙකු ලෙසින් ශතකයන් ලබාගත් ප්‍රථම ක්‍රීඩකයාද මොහු වීම ක්‍රිකට් දිවියේ බොහෝ සෙයින් කැපී පෙනීමට ලක්විණි...
~එක්දින සහ ටෙස්ට් ක්‍රිකට් ජීවිතය~
මොහු 1999 වර්ෂයේදී බටහිර ඉන්දීය කොදෙව් සංචාරයේදී ඔහුගේ එක්දින සහ ටෙස්ට් වරම් දිනා ඇත...ක්‍රිකට් ක්‍රීඩාවට පැමිණි මුල් අවධියේ ඩිල්ෂාන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ මැදපෙළ ක්‍රීඩකයෙක් විය...පසුව ලෝක පූජිත ක්‍රිකට් තරු 2 ක් වන මහේල සහ සංගාගේ මැදිහත් වීම සමඟ ඩිල්ෂාන් ආරම්භක පිතිකරුවකු ලෙස කණ්ඩායම සමඟ එක්විය...ඔහු ඉන්පසු එක්දින ශතක 21 ක් වාර්තා කළ අතර ඔහුගේ සියළුම ටෙස්ට් සහ විස්සයි විස්ස ශතක වාර්තා කරනු ලැබ ඇත්තේ ආරම්භක පිතිකරණයට පැමිණීමෙන් පසුවය...
එතැන් පටන්,
- ටෙස්ට් වාර්තාවන් -
1️⃣ ශ්‍රී ලාංකීය ක්‍රීඩකයෙකු විසින් ලෝක පූජිත ක්‍රීඩාපිටියක් වන ලෝඩ්ස් පිටියේ තැබූ වැඩිම ලකුණු වාර්තාව 2013 වර්ෂයේදී ලකුණු 193 ක් ලබාගනිමින් ඔහු නමින් ලියා ගැණින...
2️⃣ ️ටෙස්ට් තරඟයක පස්වන කඩුල්ල වෙනුවෙන් වැඩිම ලකුණු සංඛ්‍යාව වන ලකුණු 280 වාර්තාව තිලාන් සමරවීර සමඟ 2005 වර්ෂයේ බංග්ලාදේශයට එරෙහිව තබා ගැණින...
- එක්දින වාර්තාවන් -
1️⃣ ලකුණු 10,000 කඩඉම පසුකළ සිව්වන ශ්‍රී ලාංකීය පිතිකරු මෙන්ම ලෝකයෙන්ම එකොළොස් වන ක්‍රීඩකයා මොහුයි...
2️⃣ ලකුණු 150 වඩා ලබාගනිමින් එක්දින ශතක 3 ට හිමිකම් කියන දෙවන ශ්‍රී ලාංකීය ක්‍රීඩකයා මොහුයි...ප්‍රථමයා වන සනත් ජයසූරිය නමින් ලකුණු 150+ ශතක 4 ක් ඇත...
3️⃣ ශ්‍රී ලාංකීය පිතිකරුවකු විසින් 6 පහරක් නොමැතිව එක්දින පිටියේ වාර්තා කළ වැඩිම ලකුණු ප්‍රමාණය මොහු නමින් ලියවී ඇත...ඒ 2015 ලෝක කුසලාන තරඟාවලියේදී බංග්ලාදේශ කණ්ඩායමට එරෙහිව 4 පහරවල් 22 ක් සමඟ ලකුණු 161* ක් ලබාගනිමිනි...
4️⃣ වර්ෂයකදී එක්දින ලකුණු 1,000 සීමාව ඩිල්ෂාන් විසින් සිව්වරක් ඉක්මවා ගොස් ඇති අතර 2009 සිට 2015 තෙක් සෑම වර්ෂයකම ඔහු ලකුණු 800+ වාර්තා කර ඇත...
- ලෝක කුසලාන වාර්තා -
1️⃣ ප්‍රථම කඩුල්ලට වැඩිම ලකුණු වාර්තාව උපුල් තරංග සමඟ එක්ව 2011 ලෝක කුසලාන තරඟාවලියේදී වාර්තා කිරීම...ලකුණු 282...
~විස්සයි විස්ස ක්‍රිකට් ජීවිතය~
ශ්‍රී ලංකාව වෙනුවෙන් විස්සයි විස්ස වරම් ලැබූ දෙවන ශ්‍රී ලාංකීය ක්‍රීඩකයා ඔහුයි...
- විස්සයි විස්ස ක්‍රිකට් වාර්තාවන් -
1️⃣ විස්සයි විස්ස තරඟයක ශ්‍රී ලාංකීය පිතිකරුවකු විසින් වාර්තා කරන ලද වැඩිම ලකුණු වාර්තාව මොහු සතුයි...ඒ 2011 වර්ෂයේ ඕස්ට්‍රේලියාවට එරෙහිව නොදැවී ලබාගත් ලකුණු 104* යි...
2️⃣ විස්සයි විස්ස ක්‍රිකට් පිටියේ 2009 වර්ෂයේ හොඳම ක්‍රීඩකයාට හිමි සම්මානය දිනාගත්තෙ මොහුයි...2009 විස්සයි විස්ස ලෝක කුසලාන තරඟාවලියේදී බ.ඉ.කොදෙව් පිලට එරෙහිව පන්දු 57 ක් තුළදී ලකුණු 96 ලබා ගනිමින් දැක්වූ දක්ෂතාවයට මෙම සම්මානය පිරිනමා ඇත...
3️⃣ ලකුණු 1,500 කඩඉම පසුකළ ප්‍රථම ශ්‍රී ලාංකීය ක්‍රීඩකයා මොහු වන අතර ලෝකයෙන්ම තෙවන ක්‍රීඩකයාද විය...
4️⃣ 4 පහරවල් 200 සීමාව පසුකළ ලෝකයෙන්ම ප්‍රථම ක්‍රීඩකයා මොහුයි...තරඟ 80 ක් තුළ 4 පහරවල් 223 යි...
5️⃣ විස්සයි විස්ස පිටියේ ශතකයක් වාර්තා කෙරූ ප්‍රථම නායකයා මොහුයි...
6️⃣ විස්සයි විස්ස පිටියේ වැඩිම උඩ පන්දු ප්‍රමාණයක් රැකගත් ශ්‍රී ලාංකීය ක්‍රීඩකයා මොහුයි...තරඟ 80 ක් තුළ උඩ පන්දු 31 ක් ලබාගෙන ඇත...
7️⃣ ඩිල්ෂාන්,සනත් ජයසූරිය සමඟ එක්ව 2009 වර්ෂයේදී බ.ඉ.කොදෙව් පිලට එරෙහිව පැවැත්වූ ලකුණු 124 ක සබඳතාව ප්‍රථම කඩුල්ලට වැඩිම ලකුණු සම්බන්ධතා වාර්තාවයි...
8️⃣ ජීවන් මෙන්ඩිස් සමඟ එක්ව සිව්වන කඩුල්ලට වැඩිම ලකුණු වාර්තාවද ඩිල්ෂාන් නමින් ලියවී ඇත...ඒ ඕස්ට්‍රේලියාවට එරෙහිව 2011 වසරේදී පැවැත්වූ ලකුණු 104* ක අගනා සම්බන්ධතාවයයි...
- වෙනත් ඇගයීම් -
1️⃣ ක්‍රිකට් ක්‍රීඩාවට නවතම පහරක් හඳුන්වා දුන් ක්‍රීඩකයා මොහු වන අතර ලෝකයේ ප්‍රථම වරට ක්‍රීඩකයෙකු නමින් ක්‍රිකට් පහරක් ක්‍රිකට් ක්‍රීඩාවට එකතු වූ ප්‍රථම අවස්ථාවද එයයි...#Dilscoop.
2️⃣ නායකත්වය දරන අතරතුර එක්දින , ටෙස්ට් , විස්සයි විස්ස යන ආකාරයන් තුනේම ශතක වාර්තා කළ ප්‍රථම ක්‍රීඩකයා යි...
3️⃣ 2009 විස්සයි විස්ස ලෝක කුසලාන තරඟාවලිය තුළ වැඩිම ලකුණු ලාභියා - තරඟ 7 දී අර්ධ ශතක 3 ක් සමඟින් ලකුණු 317 ක් ලබා ගැනීම...
4️⃣ 2011 එක්දින ලෝක කුසලාන තරඟාවලියේදී වැඩිම ලකුණු ලාභියා - තරඟ 9 දී ශතක 2 ක් , අර්ධ ශතක 2 ක් සමඟින් ලකුණු 500 ක් රැස් කිරීම...
~ක්‍රිකට් දිවියෙන් ඉවත් වීම~
ශ්‍රී ලාංකීය ක්‍රිකට් ක්‍රීඩාව සඳහා සුවිශේෂී මෙහෙයක් කළ මෙම ක්‍රීඩකයා 2016 වර්ෂයේදී ඔහුගේ එක්දින,විස්සයි විස්ස ක්‍රිකට් දිවියෙන් සමුගැනීමට තීරණය කරනු ලැබිණ...ඒ 2016 වර්ෂයේ ඕස්ට්‍රේලියාවට එරෙහිව පැවති තරඟයේදීයි...
එක්දින තරඟ වලින් මොහු 2016 අගෝස්තු 28 වන දින සමුගත් අතර 2016 සැප්තැම්බර් 9 වන දින විස්සයි විස්ස ක්‍රීඩා පිටියෙන්ද සමුගත්හ...
~ක්‍රිකට් දිවියෙන් සමුගැනීමෙන් පසු~
✡️ මොහු ක්‍රිකට් දිවියෙන් සමුගැනීමෙන් පසුව තම බිරිඳ වන මංජුලා සහ දරුවන් සමඟ එක්ව ගීතයක් කරවීය...
✡️ ඉන්පසු ඔහු රූපවාහිනී ටෙලි නාට්‍ය මාලාවක් වන #කෝපි_කඩේටෙලි නාට්‍යයේ රංගනයට එක්විය...ඒ 2017 වර්ෂයේ අප්‍රේල් 5 වන දිනයි..



No comments:

Post a Comment